දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් දේපල අහිමිවුවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක

දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් දේපල අහිමිවුවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙන් එම වැවට ඉඩම් ඇතුළු දේපල අහිමිවු ජනතාව වන්දි ඉල්ලා පසුගිය 10 දා දෙමෝදරදී උද්ඝෝෂණයක නිරතවිය. මෙම උද්ඝෝෂණය සදහා ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් මෙන්ම මුස්ලිම් පල්ලියේ පුජකවරයාද සමග දේපල අහිමිවු පවුල් 26කට අයත් ජනතාවද සියලුදෙනාමපාහේ එක්වීම විශේෂත්වයක් විය.

මීට වසර තුනකට පෙර ආරම්භ කරන ලද මෙම ජල ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ඇතුලු සියලු දේපල අහිමිවු අතර ඔවුන්ට ලබාදුන් විකල්ප ඉඩම් සදහා ඔප්පු මේ වනතෙක් ලැබී නොමැත. එමෙන්ම පොරොන්දු වු යටතල පහසුකම්ද ප්‍රමානාත්මක පරිදි මේවනතෙක් ලැබී නොමැති අතර අහිමිවු දේපල සදහාද එකගවු වන්දි මුදල්ද නොලැබුණ බව ඔවුන් පවසයි. මීට අමතරව ඇල්ලන්ද ගම්මානයට ලබාදීමට එකගවු පාලම සහ මාර්ග පහසුකම් ලබානොදීම හේතුවෙන් බලවත් පීඩාවට පත්ව ඇත.

මෙම උද්ඝෝෂණ පැවති අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන්කල ඌව පලාත් සභාවේ විපක්ෂ නායකවරයාගේ වාහනය උද්ඝෝෂකයින් අවහිර කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලේ ඔහු එම මොහොත දක්වා මෙම ගැටළුව පිලිබදව දැනුවත්වී නොසිටි බවයි. නමුත් එහිදී උද්ඝෝෂකයින් පෙන්වාදුන්නෙ මෙම ගැටළුව පලාත් සභාව තුලදී සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිවරයා සාකච්ඡා කරන අවස්ථාවේ මෙන්ම මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදීත් පලාත්සභා විපක්ෂ නායකවරයා එහි සිටි බවයි.

තමන් ජීවත්වන ප්‍රදේශයේ මහජනතාවට බලපාන ප්‍රශ්ණයක් නොදැන සිටීමද බරපතල තත්වයක් බවද උද්ඝෝෂකයින් මෙහිදී ප්‍රකාශ කරන ලදි. එම අවස්ථාවේ උද්ඝෝෂකයින් හමුවේ විපක්ෂ නායකවරයා පැවසුවේ දින දෙක තුනක් තුල මෙම ප්‍රශ්ණය විදීමට ක්‍රියාකරන බවයි. එම ප්‍රකාශය ලිඛිතව හා වචිකව ලබාදෙන ලෙස උද්ඝෝෂකයින් බලකර කියාසිටින ලදි. පැයක පමණ කාලයක් මෙම උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂනයේ නියැලි පිරිස අමතා ජවිපෙ උෟව පලාත්සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරතන්න මහතා සහ ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කරන ලදි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්