වලල්ලාවිට කොට්ඨාස අධ්යාපනපන කාර්යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්යාපන අමාත්යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.
මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිඝණක දහයක් දී ඇති අතර දරුවන් වෙත පරිගණක පරිත්යාග කිරීම් හා දරුවන් පරිඝනක පරිහරණය කිරීමේ දර් ශන සේයා රූ හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරති.
පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්ර පහ ගුරුමහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන ගිය බවත් දෙමව්පියන් වැඩි දුරටත් කියයි.
මෙසේ පැවති උත්සවය සඳහා අධ්යාපන අමාත්යය ජී.එල් පීරිස් රාජ්ය අමාත්යය පියල් නිශාන්ත පාර් ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න ඇතුලු මතුගම කලාප අධ්යාපන අධ්යක්ෂක ලාල් දිසානායකද එක්ව සිටි ඇති අතර මෙම තත්වය පිළිබඳ පැහැදිලි කලාප අධ්යක්ෂක දිසානායක පැහැදිලි කරන්නේ මෙලෙසය.
“අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ.
මේ පරිත්යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් 04 ශ්රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න.
ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර්දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්රක්ෂේපණ යන්ත්රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්රක්ෂේපන යන්ත්රය දරුවන්ගේ ඔන් ලයින් ඉගෙනුම් කටයුතුවලට ඉන්වෙන්ට්රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා. මේක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..
ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි.












