දුම්රිය ප්‍රවේශපත් Online ක්‍රමයට

දුම්රිය ප්‍රවේශපත් Online ක්‍රමයට

මේ වනවිට දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, දුම්රිය මගීන්ට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ දුම්රිය ටිකට් පත් මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම, pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්