
දියේ ගිලෙමින් තිබූ ජීවිතයක් බේරා ගැනීම සඳහා තමන්ගේ සීමාවෙන් පිටතට යෑමේ වරදට ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙරළේ සේවයේ යෙදී සිටි ජීවිතාරක්ෂකයකුට රැකියාව අහිමි වී ඇත.
21 හැවිරිදි තෝමස් ලොපෙස් නම් මෙම ජීවිතාරක්ෂකයා මියාමි උතුරේ වෙරළ තීරයක රාජකාරි කරමින් සිටියෙදී වෙරළේ ආරක්ෂා කරනු නොලබන කොටසේ සිටි පිහිනුම්කරුවෙක් අනතුරට ලක්වී ඇති බව දැනගන්නට ලැබී තිබේ. එම ඉල්ලීම ප්රතික්ෂේප නොකළ ඔහු වහා ඉදිරිපත්වී අනතුරට පත් තැනැත්තාගේ දිවි බේරා ගෙන ඇත.
කෙසේවුවද ඔහු ඔහුට අයත් නොවන ප්රදේශයක කටයුත්තකට මැදිහත්වී ඇති බවට චෝදනා කළ ජීවිතාරක්ෂක සේවා සමාගම ඔහුගේ සේවය අවසන් කර තිබේ.
‘මේක විහිළුවක්. ආරක්ෂිත හා ආරක්ෂිත නොවන ලෙස ජීවිතවලට සීමා පනවන්න පුළුවන්ද?” ලොපෙස් ප්රශ්න කර තිබුණේ පැයට ඩොලර් 8.25ක් ඉපයූ රැකියාව අහිමි වීම පිළිබඳව කණගාටු නොවෙමිනි.









