දියතෙන් ඇල්ලූ දෙදෙනාගේ ඔත්තුවෙන් පිස්තෝලය සහ අයිස් මුල්ලේරියාවෙන් සොයාගනියි

දියතෙන් ඇල්ලූ දෙදෙනාගේ ඔත්තුවෙන් පිස්තෝලය සහ අයිස් මුල්ලේරියාවෙන් සොයාගනියි

පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන අසළ වැටලීමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලද තොරතුරක් මත මුල්ලේරියාවෙන් පිස්තෝලයක් සහ 9mm වර්ගයේ මැගසින් 01ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 35ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය 04 වනදා පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන ආසන්නයේ ඇති පාලම අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 30ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද කරුණු විමසීමේදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොටිඨාසයේ නිලධාරීන් විසින් අංක 125/A, මැද වැලිකඩ පාර, රාජගිරිය ලිපිණයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 39ක්, මුදලින් රුපියල් එක්ලක්ෂ හතලිස් හයදහසක් (රු. 146,000) ජංගම දුරකථන 03ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකරන ලද වැඩිදුර පුශ්න කිරිමෙන් පසු බාරුන් තිලකරත්න මාවත, මුල්ලේරියාව ලිපිනයේදී පිස්තෝල අවියක් සහ 09 mm වර්ගයේ පතුරම් 09ක් සහිත මැගසින් 01ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 35ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 11ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු බවත් `චූවා සමන්ත’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සම්බන්ධතා පනත්වන බව සහ ඒම පාර්ශවය මගින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත් දකුණ දිශාව වෙත භාර දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්