අප්රේල් මස 20වැනි දින මෙරටින් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 367ක් වූ අතර, ඊයේ (28) දිනය නිමාවන විට එය සිවුගුණයකින් වැඩිවී එක් දිනකදී සොයා ගන්නා ලද ආසාදිතයන් පිරිස 1466ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අන්තර්ජාතික සංඛ්යා ලේඛන අනුව ඊයේ දිනය තුළ මෙරටින් මුළු කොරෝනා ආසාදිතයන් 1466ක් සොයාගෙන ඇති බව දැක්වෙන අතර, මෙරට නිල සංඛ්යා ලේඛනවලින් දැක්වෙන්නේ එය 1451ක් බවය.
අප්රේල් 20වැනිදාට පසුව ගෙවී ගිය දින 09 තුළදී ආසාදිතයන් 7848ක් සොයාගෙන ඇති බව අන්තර්ජාතික දත්ත අනුව අනාවරණය වේ.










