දින තුනකදී රටේ ණය රුපියල් බිලියන 47කින් ඉහළයයි

දින තුනකදී රටේ ණය රුපියල් බිලියන 47කින් ඉහළයයි

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැඩිලෙස අවප්‍රමාණය වීමෙන් පසුගිය දින දෙකු තුනේදී පමණක් මෙරට ණය ප්‍රමාණය රුපියල් බිලියන 47කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පසුගිය සතිය තුළ පමණක් ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්‍රමාණය වී ඇති බවද කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

2014 වසරේ සමෘදි සහනාධාරය සඳහා දැරූ පිරිවැය වූයේද රුපියල් බිලියන 47ක් වන බවත් දින දෙක තුනකදී රටේ ණය රුපියල් බිලියන 47කින් ඉහළයාම(සමෘදි පිරිවැයට සමාන වීම) බරපතල තත්වයක් බව එතුමා ප්‍රකාශකර සිටියි.

වත්මන් රජය රටේ ආර්ථිකය කාබාසිනියා කරමින් සිටින ආකාරය මේ හරහා පැහැදිලිව පෙනෙන බව කබ්රාල් මහතා වැඩිදුරටත් දක්වයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්