දිනේෂ් නිශාන්ත හෙවත් “ගම්පහ බබා” රක්ෂිත බන්ධනාගාරයට

දිනේෂ් නිශාන්ත හෙවත් “ගම්පහ බබා” රක්ෂිත බන්ධනාගාරයට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් “ගම්පහ බබා” ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලිසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

නේපාලයේදී අත්අඩංගුවටගත් සැකකරු ඇතුළු පිරිස දිවයිනට රැගෙන ආවේ ඔක්තෝබර් 15 වැනිදාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්