
‘දිනමිණ’ පුවත් පතෙහි රාත්රි කතෘවරයෙකු වන ප්රබුද්ධි රණසිංහ මහතාට එම පුවත්පතේම සමකතෘවරයෙකු හා නළුවෙකු වන ගාමිණී ජයලත් මහතා විසින් පහරදී අතැයි මාධ්ය වාර්තා ඵලවේ.
මෙම පහරදීම ඊයේ (25) රාති්රයේ සිදුකර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ ප්රබුද්ධි ජාතික රෝහලේ 55 වැනි වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රබුද්ධි පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.
දිනමිණ කර්තෘවරයාගේ උපදෙසක් පරිදි රාත්රී කර්තෘවරයා විසින් එම පුවත්පතේ පිටුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් උරණවූ ගාමිණී මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසේ.









