දැඩි සත්කාර ඇඳන් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරේ!

දැඩි සත්කාර ඇඳන් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරේ!

දිවයින පුරා සියලුම රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ඇඳන්(ICU Beds) සියල්ලම මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරි ඇතැයි කොවිඩ් රෝග නිවාරණ රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
“මේ අවස්ථාවේදී තරුණ පිරිස වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයන් ලෙස රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. අපි හැම පියවරක්ම ගනිමින් ඉන්නවා මේ තත්වය කළමනාකරණය කරගන්න.” වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් කොරෝනා පළමු රැල්ලෙන් පසු කර්මාන්ත ඇමති විමල් වීරවංස විසින් දේශියව දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදන කිරිමේ වැඩසටහනක් ආරම්භ කල අතර ඒ සඳහා මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණයක්ද ලබාදෙන ලදි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්