දස ලක්ෂයක මෙහෙයුම් බලකායක්

දස ලක්ෂයක මෙහෙයුම් බලකායක්

සිදු වී තිබෙන දරුණු ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා දස ලක්ෂයක ස්වේච්ඡා තරුණ මෙහෙයුම් බලකායක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික තරුණ සේවා සභාව විසින් රට පුරා පවත්වා ගෙන යන “යූත් ක්ලබ්” (Youth Club) සංකල්පයේ දිගුවක් ලෙස මෙම ස්වේච්ඡා බලකාය සංවිධානය කෙරෙන බව වාර්තා වේ.

සිදු වූ ස්වාභාවික මහා ව්‍යසනයෙන් දිග කාලීන ලෙස රට ගොඩ නගමින් ශ්‍රී ලංකාව ලෝකයේ අද්විතීය ස්ථානයකට ඔසවා තැබීමේ මෙහෙයුම එම තරුණ ස්වේච්ඡා බලකායේ මූලික කාර්යභාරය ලෙස හඳුන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්