පසුගියදා කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගන යන ලද දරුවා ඊයේ (03) ජනාධිපති මන්ධිරයට කැඳවා තිබූ අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපේ රටේ පොලීසිය දක්ෂ බවත් ඉතා ඉක්මනින් අපරාධ විසඳීම සඳහා සමත් බවත්ය.
කෙසේනමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ රටේ සිදුවන අපරාධ රැල්ලට දේශපාලන සම්බන්ධයක් නැති සෑම තැනකදීම පොලීසිය ඉතා දක්ෂ ලෙස එම අපරාධ විසඳීම සඳහා කටයතු කළ බවයි.










