දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි

රිය අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) පෙරවරුවේ එම රෝහලේදී අභාවප්‍රප්ත වී තිබේ.

දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කර තිබිණි.

වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසකටද සිය දායකත්වය දැක්වූ ප්‍රවීණයෙකි.

අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්