දමිතා CIDය මග හරියි… නිවසෙනුත් පැනයයි

දමිතා CIDය මග හරියි… නිවසෙනුත් පැනයයි

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යව සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමීය සිය නිවසෙන් අතුරුහදන් වී ඇතැයි වාර්තා වේ.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බොරලැස්ගමුවේ ඇය පදිංචි නිවසට ගියද ඔවුන් එහි සිට නැත.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කරන ලද බව කියන මෙකී නඩුකරයට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබුණද විමර්ශන කටයුතු සඳහා සහාය නොදී මගහැර සිටීම සහ විගාමික පණතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් නිසා ඇප ලබා දීම නොහැකි බව අධිකරණය ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගොස් තිබුණේ ඉන් අනතුරුවය.

රංගන ශිල්පී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කලා කටයුතු සහ කලා කරුවන් සම්බන්ධී කරණය කිරීම පිලිබඳව කටයුතු කරන අතර සමගි ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන පෙලේ කථිකයෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්