දණගැස්වීම දුටු පුණ්‍යසේන ළිඳේ

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරු අභිරහස් ලෙස මියගොස් ඇති අතර මළ සිරුර ළිඳක තිබී අද (01) දින හමු වී තිබේ.

රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේන නමැති පාසල අසළ නිවසක ජීවිත්වත්වූ මොහුගේ මළ සිරුර ළිඳක තිබී හමුවීම සැකයට භාජනය වන බැවින් මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා වහා රටට කරුණු එළිදරව් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙම ගුරුවරිය දණගැස්වීමට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවකට පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත්කුමාර අධිකරණය ඉදිරියේ වරදකරු වී මන්ත‍්‍රී ධූරය අහිමිවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්