දකුණු මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය : 05ක් අත්අඩංගුවට

දකුණු මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය : 05ක් අත්අඩංගුවට

දකුණු මුහුදු තීරයේ වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම, එම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුවද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇත.

ඊයේ (14) සොයාගත් එම මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12ක් තිබී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට පැමිණෙන බවට ලද තොරතුරු මත දින 32ක පමණ කාලයක් නාවික හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයකින් පසු වී ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්