දූෂණ චෝදනා එල්ල වී තිබෙන දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුයෙන් හායි බලයෙන් පහ කිරීමට අදාළ දෝෂාභියෝගයේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ජනාධිපතිනිය සිය හිතවතියක වන චෝයි සුන් ඩිල් සමග එක්ව සිදු කරන ලද දූෂිත ක්රියාවන්ට එරෙහිව කොරියානු වැසියන් දැවැන්ත විරෝධතා පවත්වමින් සිටිනි අතර ජනාධිපතිනියට එරෙහිව අපරාධ චෝදනාද එල්ල වෙමින් තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන ආකාරයට සිය හිතවතිය හා එක්ව ඇය වංචා කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් ඉක්මවන බව පැවසේ.
විරුද්ධ පක්ෂ එක්ව ගෙන එන දෝෂාභියොගයට ජනාධිපතිනියට අයත් ආණ්ඩු පක්ෂය වන කොන්සවේටිව් මන්ත්රීවරුන්ගේ සහාය මේ වනවිට ප්රමාද වී ඇති බැවින් දෝෂාභියෝගය ඉදිරිපත් වීම ප්රමාද වී ඇති නමුත් දිනෙන් දින වීදි බසිමින් ජනතාව සිදු කරන විරෝධතාවයන් හමුවේ එම තත්වය මග හැර සිටීමට හා ජනාධිපතිනයට ධූරයේ රැදී සිටිමට අපොහොසත් වනු ඇති බව සඳහන් වේ.










