දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් අද (28) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ ජයග්රහණයට මෙම හමුවේදී සුබ පැතුම් එක්කර තිබේ. විශේෂයෙන්ම ශ්රී ලංකාවේ නව පාලනය වංචවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක්රියා මාර්ගයන් සම්බන්ධයෙන් දකුණු අප්රිකානු ජනරජය තුළ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව අවධාරණට කර ඇත.
ශ්රී ලංකාව තුළ ජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් දකුණු අප්රිකාවේ අත්දැකීම් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස් පළකර තිබේ. ඉදිරියේදී ශ්රී ලංකා ආණ්ඩුව දකුණු අප්රිකාව සමග ආර්ථික, දේශපාලන හා රාජ්යතාන්ත්රික සමීප සබඳතා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙම හමුවේදී එකඟ වී ඇත.
මෙම අවස්ථාවට දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි, ශ්රී ලංකාවේ දකුණු අප්රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí, ඇතුලු පිරිසක් සහභාගි වූහ. ජාතික ජන බලෙවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්රධාන ලේකම් විශේෂඥ වෛද්ය නිහාල් අබේසිංහ, ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක, ධීවර ඇමති රාමලිංගම් චන්ද්රසේකර් යන අය සහභාගි වූහ.















