තොණ්ඩාගේ හා සජින්ගේ තවත් ගැහිල්ලක් එළියට

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකුව සිටි ආරුමුගම් තොන්ඩමන් හා එම පාලන සමයේ විදේශකටයුතු අධීක්ෂණ මන්ත්‍රීව සිටි සජින් ද වාස් ගුණවර්ධන මහතා රාජ්‍ය වරප්‍රසාද ලබාගනිමින් පුද්ගලික සමාගම් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වේ.

මෙම අනාවරණය වන්නේ ඔවුන් දෙදෙ‍නාට අයත් එකිනෙකට වෙන්ව පවත්වාගෙන යන සමාගම් දෙකක සේවකයින් සඳහා වැටුප් නොගවීම මත සිය ජීවනෝපාය අහිමිවීමේ තත්වකට එම සේවකයින් පත්වීමත් සමගය.

සෞම්‍ය හමූර්ති තොණ්ඩමන් පදනම මගින් පවත්වාගෙන යන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගණනාවක සේවය කරන අයට මාස 6ක පමණ වැටුප් ගෙවා නැති අතර එම මධ්‍යස්ථාවල ආරක්ෂාවට යොදවා සිටින කොස්මොස් ආරක්ෂක සමාගමේ සේවකයන්ට මාස 2කින් වැටුප් ගෙවා නැත.

ආරුමුගම් ‍තොණ්ඩමන් මහතා එජාප, සන්ධාන ආණ්ඩුවල විවිධ අමාත්‍යාංශවල සිටියදී එම අමාත්‍යාංශ මුදල් අයථා ලෙස තොණ්ඩමන් පදනමට යෙදවවුද දැන් එසේ කිරීමට නොහැකිවීම නිසා මෙම තත්වය උද්ගතව ඇති බව හෙළි වේ.

හැටන්, නෝර්වූඩ්, කොටගල, නුවරඑළිය, තවලම්තැන්න, ඇතුළු වතුකරයේ ප්‍රදේශ ගණනාවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. එම මධ්‍යස්ථානවල 32කු පමණ සේවය කරන අතර මේ වනවිට එම සියලු පවුල්වලට ජීවන මාර්ග අහිමිවී ගොස් තිබේ.

එමෙන්ම සජින්වාස් ගුණවර්ධනට අයත් කොස්මෝස් නම් පුද්ගලික ආරක්ෂක සමාගමද එම සේවකයන්ට වැටුප් ලබා නොදීම නිසා එම පවුල්ද බරපතල ජීවන ගැට‍ලුවලට මුහුණ දී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්