තේ කර්මාන්තශාලාවක් වසා දමයි… 16කට කොරෝනා…

තේ කර්මාන්තශාලාවක් වසා දමයි… 16කට කොරෝනා…

කොවිඩ් – 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා ගිනිගත්හේන පිටවල බොඩ්ලන්ඩ් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව අද (30) සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු තහවුරු කරයි.

එම තේ කර්මාන්ත ශාලාවේ සේවකයින් විශාල පිරිසක් සේවය කරන බවත් එම සේවකයින් කොවිඩ් – 19 අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වි තිබු නිසා සිදු කරන ලද PCR පරික්ෂණ වාර්තා අනුව එම තේ කර්මාන්ත ශාලාවේ 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසාත් එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තේ කර්මාන්ත ශාලාව විෂබිජහරණය කරන ලෙසට පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

තේ කර්මාන්ත ශාලාවේ අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්