තෙල් මිල ඇතුලූ අත්යාවශ්ය භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් ඉහළ දැමීමට විරෝධය පලකරමින් තැන තැන වෙන වෙනම පැවැති උද්ඝෝෂණ ඒකාබද්ධ කළ බහුජන උද්ඝෝෂණ ව්යාපාරයක් මාර්තු 05 වෙනිදා ආරම්භ කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය සූදානම් වේ.
එම මධ්යස්ථානයේ මෙහෙයවීමෙන් අද (01) උදේ ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වූ ජනමාධ්ය හමුවකදී මේ බව අණාවරනය කළේය. රාජ්ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, සමස්ත ලංකා වතුකම්කරු සංගමය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය යන බහුජන සංවිධානවල නියෝජිතයින් මාධ්ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.
ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත
ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය අද මේ මාධ්ය හමුව කැඳවා තිඛෙන්නේ රාජ්ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, සමස්ත ලංකා වතු කම්කරු සංගමය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කුඩා තේවතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය යන මූලික සංවිධානවල එකතුවෙන් තෙල් මිල අඩුකිරීමට ආණ්ඩුවට බලකිරීමේ උද්ඝෝෂණ පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමට. මේ උද්ඝෝෂණ මාලාව මාර්තු 05 සවස 04 ට කොළඹ දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරනවා.
දේශපාලන පක්ෂවලට වෙනම න්යාය පත්ර තියෙනවා. දේශපාලන පක්ෂ ඒ අනුව වැඩ කලාවේ. බහුජන සංවිධාන එකමුතුවක් විදියට අපි ආණ්ඩුවට බලකරන්නේ අසීමිතව ඉහළ දමා ඇති තෙල් මිල පහත දමන ලෙසයි. බොරු සහනාධාර ප්රෝඩා ගැන කීමෙන් ජනතාව රවට්ටන්න ඉඩ දෙන්නේ නැහැ. සියලූම ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ කි්රයාමාර්ගවලට විරුද්ධව ඒකාබද්ධ අරගලයකට අපි නායකත්වය දෙනවා.
ඒවගේම විශේෂයෙන්ම අවධාරණය කරන්න අවශ්ය කාරණයක් තියෙනවා. ඕනෑම අවස්ථාවක අපි රට ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලත් තියෙනවා. හැබැයි ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුවයි ඇමරිකා එක්සත් ජනපදයයි එක්සත් ජාතික පක්ෂයයි තුනම කියන්නේ එකම දෙයක්. මේ කුන්ගොල්ලගේම ඒකාබද්ධව යන වැඩක් තියෙන්නේ. ජනතා ප්රශ්න යට ගහන්න ආණ්ඩුව ජිනීවා නාඩගමක් රඟ දක්වනවා. අපි ඒකට විරුද්ධයි. ජනතා ප්රශ්න යට ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ
තෙල් මිල වැඩිකිරීමේ බර ජනතාවට දැනෙන්නේ මාර්තු මාසයේ ඉඳලා. දැනට දැනෙන්නේ බස් ගාස්තු විතරයි. පසුගිය අයවැය ඉදිරපත් කරන අවස්ථාව වනවිට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අපි ඉල්ලූවේ ජීවන වියදම් ගැන සලකා බලලා. දැන් අලූත් තත්වයක් නිර්මාණය වෙලා. තෙල් මිල වැඩිකිරීමෙන් විතරක් වැඩකරන ජනතාවට අමතරව දරන්න වන ජීවන වියදම පියවා ගැනීමට රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් සියලූම වැඩකරන ජනතාවට ලබාදිය යුතු කියලා. අපි ආණ්ඩුවට බලකරනවා. අයවැයෙන් 10%ක වැටුප් වැඩිවීමක් කළේ යැයි කීවත් දැන් ඒ වගේ දෙගුණයකින් ජීවන වියදම වැඩිවෙලා. තෙල් මිල වැඩිකිරීමෙන් ජීවන වියදම වැඩිවීම ගැන තවම කිසි කෙනෙකුට තක්සේරු කරන්න බැහැ.
තව විශේෂ කාරණයක් අවධාරණය කරන්න ඕනෑ. රුපියල් කෝටි 110,000ක් වන සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳ පොලේ ආයෝජනය කර ආණ්ඩුව විශාල අවධානමක් වැඩකරන පන්තියේ මත පටවලා තියෙනවා. අපේ රටේ කොටස් වෙළඳ පොළ කියන්නේ බූරුවා පොළක් වගේ තැනක්. වැඩකරන ජනතාවගේ ඊපීඑෆ් සල්ලිවලින් බූරුවා ගහන්න එපා කියලා අපි මහ බැංකු අධිපතිවරයාට කියනවා. පහුගිය කාලේ වැඩි මිලට ආණ්ඩුවේ හිගවත් සමාගම් වල කොටස් ඊ.පී.එෆ් සල්ලිවලින් ගත්තා. දැන් ඒවගේ වටිනාකම බාගයකටත් වඩා අඩුවෙලා. මේ විදියට වැඩකරන ජනතාවට අයිති මුදල් යොදාගෙන ආණ්ඩුව විවිධ ජාවාරම් කරනවා. ඊට අමතරව වැඩකරන ජනතාව මත විශාල ආර්ථීක පීඩනයක් ඇතිකරමින් තිඛෙනවා. මේවා ජනතාව මුහුණ දෙන සංවේදී ප්රශ්න. ආණ්ඩුව කරන්නේ මේ සංවේදී ප්රශ්න අමතක කරන්න ඉරාන යුද්ධ අනතුර, ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීම වගේ දේවල් මවා පාලා කුප්පි ලාම්පුව පත්තු කරන භූමිතෙල් මිලෙනුත් ගසා කෑමයි. ඒ මුදල් යොදවලා සංදර්ශන ආර්ථීකයක් පවත්වගෙන යනවා. දැයට කිරුළට රුපියල් කෝටි 2100ක් වැය කළා. දැන් ජනතාවට ප්රතිලාභ දෙන ව්යාපෘති විදියට මොනවද ඉතිරි වෙලා තියෙන්නේ.
මේ වගේ තත්වයක් යටතේ වහාම තෙල් මිල අඩු කරන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. එයට කන් නොදී ආණ්ඩුව ජනතාව මර්ධනය කර බලය පවත්ව ගෙන යෑමට උත්සාහ කළහොත් ඒකාබද්ධ උද්ඝෝෂණ දිගටම පැවැත්වීමට අපට සිදුවෙනවා. එහෙම තත්වයක් යටතේ කාර්මික සාමය බිඳ වැටීම ගැන ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු වෙනවා. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ එවැනි තත්වයකට ඉඩ නොතබා ජනතාව පිට වශාල ජීවන වියදම් බරක් පටවන තෙල් මිල වහාම අඩුකරන්න කියලයි.
සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්රසේකර්.
වතු ජනතාව අවුරුදු 180ක් පුරා මේ රටේ ආර්ථීකය ගොඩ නගන්න තමන්ගේ ජීවිත කැපකළා. අවසානයේ ඔවුන්ගේ දහදිය කඳුළු වගේම සිරුරත් මේ පොළවේ සාරවත් කරන්න කැපකළා. නමුත් මැතිවරණවලදී ධනපති දේශපාලඥයෝ හැමදාමත් කළේ බොරු පොරොන්දු දී මේ ජනතාව රැවට්ටීමයි. මහින්ද චින්තන ප්රතිපත්ති ප්රකාශනයේ වතු කම්කරුවෝ ගැන සඳහන් වෙනවා. ඒ අයට සහනාධාර දෙනවා කිව්වා. පර්චස් 40 ඉඩම් කෑල්ලක් රදනවා. කිව්වා. වතු ජනතාවගේ ප්රශ්න ගැන සොයා බලා විසඳන්න විශේෂ කොමිසන් සභාවක් පත්කරනවා කිව්වා. ඒ එක පොරොන්දුවක් වත් ඉෂ්ට කරලා නැහැ. මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා තරම් වතු ජනතාවට පොරොන්දු දුන් වෙන කිසිම නායකයෙකු නැහැ. නමුත් ඒ එක පොරොන්දුවක්වත් මේ වනවිට ඉටු කර නැහැ.
එහෙම තියෙද්දී භූමිතෙල් මිල රුපියල් 35/}කින් වැඩිකළා. වතු ජනතාවගෙන් 40%-50% අතර පිරිසක් තවමත් ජීවත් වෙන්නේ කුප්පි ලාම්පුවෙන්. අද වතුකරයේ භූමිතෙල් බෝතලයක් රු.110/}ක් වෙනවා. 2010 මාර්තු මාසයේ රුපියල් 10කින් භූමිතෙල් මිල වැඩිකළා. ඔක්තෝබර් මාසයේ තවත් රුපියල් 10කින් වැඩකළා. දැන් රුපියල් 35/}කින් වැඩ කරලා. අවුරුද්දක් ඇතුලත භූමිතෙල් මිල රුපියල් 55කින් වැඩ කළා. මේව වතු ජනතාවට දරාගන්න බැහැ. අපි කියන්නේ වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 750ක් කරන්න කියලා. ඒ වගේම රුපියල් 3000/}ක අමතර දීමනාවක් වතු කම්කරුවන්ටත් ලබාදිය යුතුයි. මේ ඉල්ලීම් දිනාගන්න අපි ඒකාබද්ධ උද්ඝෝෂණවලට සම්පූර්ණ සහයෝගය දෙනවා. දැවැන්ත අරගලයක් කරන්න අපි සූදානම්. වතු කම්කරුවන්ගේ අවම හෝ අයිතීන් දිනාගත්තේ ඉතිහාසය පුරාම සටන් කරලයි. ඒ නිසා අපි සටන් කරලා අයිතීන් දිනාගැනීමට සූදානම්. අපේ උපරිම සහාය මේ උද්ඝෝෂණ කි්රයාමාර්ගවලට ලබාදෙනවා. මේ වනවිටත් අපි වතු මට්ටමින් පති්රකා ඛෙදාහරිමින් ජනතාව දැනුවත් කරමින් ඉන්නවා.
සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න
රටට බත සපයන ගොවියා අන්ත අසරණ තත්වයකට ඇද දමන්න මේ ආණ්ඩුව කටයුතු කර තිඛෙනවා. එළවලූ ගොවියටත් ඒ ඉරණම අත්කර දී තිඛෙනවා. නිෂ්පාදන පිරිවැය දිගින් දිගටම වැඩි වේද්දී තමන්ගේ වී ටික සහ එළවලූ ටික සාධාරණ මිලකට විකුණා ගැනීමේ අයිතිය ගොවියාට නැහැ. අවුරුදු 05කට පෙර වී කිලෝ එකක සහතික මිල රුපියල් 28/} සහ 30/} වශයෙන් නම් කළා. අද වී කිලෝ එකක නිෂ්පාදන මිලත් එක්ක අවම සහතික මිල රුපියල් 40/}ක් විය යුතුයි. මේ අවම මිල පනතක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත කර නීතිගත කළ යුතු බවට අපි බලකරනවා.
ගොවියාට පොහොර සහනාධාරය රුපියල් කෝටි 4000ක් ලබාදෙන බව ආණ්ඩුව කියනවා. නමුත් රටේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනගහනයෙන් රුපියල් කෝටි 26328ක් ආණ්ඩුව බදු අය කරනවා. ආදායම් බදු ඇරුනහම වක්ර බදු වශයෙන් රුපියල් කෝටි 81030ක් බදු අයකරන්නේ 76 ලකෂයක් වැඩකරන ජනතාවගෙන්. කෘෂිකාර්මික අංශයේ සේවයේ යෙදී සිටින ගණන 2476000යි. මේ අයගෙන් රුපියල් කෝටි 26000ක් බදු අයකරන කොට රුපියල් කෝටි 4000ක සොච්චමක් පොහොර සහනාධාර වශයෙන් දෙනවා. මේ බොරුවලට අපි රැවටෙන්නේ නැහැ. අයිතීන් දිනාගන්න අපි සටන් කරනවා. ඒ වගේම මේ රටේ ගොවි ජනතාව තමන්ගේ ශක්තිය මොකක්ද කියා තේරුම් ගන්න ඕන.එහෙම තේරුම් අරන් අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමෙන් අරගල කිරීමෙන් විතරයි ජයග්රහණ ගන්න හැකිවෙන්නේ. මේ උද්ඝෝෂණ හුදකලා සටන් විදියට පැවතිය යුතු නැහැ. අනෙකුත් වෘත්තීය සමිති බහුජන සංවිධාන සමග ඒකාබද්ධ වී දියත් කළ යුතු වෙනවා. අපි එවැනි අරගලයකට සූදානමින් ගොවි ජනතාව දැනුවත් කරනවා.
කුඩා තේවතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය – ලාල් ප්රේමනාත්
දිස්ති්රක් 15ක ලකෂ 05ක් පමණ සාමාජිකයින් කුඩා තේවතු හිමියන් වශයෙන් ඉන්නවා. ඒ අයගෙන් යැපෙන සංඛ්යාව ලකෂ 25ක් විතර වෙනවා. මුළු තේ වගා බිම්වලින් 63%ක් නියෝජනය කරන්නේ කුඩා තේ වතු හිමියන්. ඒ වගෙම් තේ අපනයන ආදායමෙන් 72%කට වැඩි ප්රමාණයක් කුඩා තේවතු හිමියන්ගේ නිෂ්පාදනවලින් ලැඛෙනවා. තෙල් මිල වැඩිවීමෙන් ඔවුන් අන්ත පීඩනයකට පත්වෙලා. තේ දළු කිලෝ ග්රූම් 01ක් ප්රවාහනයට දරණ වියදම රුපියල් 1.50 සිට රුපියල් 3.50 දක්වා විශාල වශයෙන් වැඩිවී තිඛෙනවා. තේ වතු හිමියන්ට විතරක් නෙවෙයි. තේ කර්මාන්තකරුවන්ටත් මේ තෙල් මිල වැඩිවීම බලපානවා. සමස්තයක් වශයෙන් ලංකාවේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අනතුරක් මේ තුළින් මතුවී තිඛෙනවා. දැනටමත් ලකෂ 25ක් පමණ වූ පිරිසකට මේ ප්රශ්නය දැඩිව බලපා තිඛෙනවා. ඒ නිසා අනෙකුත් බහුජන සංවිධාන හා වෘත්තීය සමිති සමග එක්වී කුඩා තේවතු හිමියන්ගේ සාධාරණ අයිතීන් දිනාගැනීමේ ඒකාබද්ධ කි්රයාමාර්ගවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙනවා. ලබන 05 වෙනිදා පවත්වන ඒකාබද්ධ උද්ඝෝෂණයට අපි සියලූ දෙනාමත් සහභාගී වෙනවා. ජයග්රහණ ලබන තුරු සටන් කිරීමට අපි සූදානම්. සමස්තයක් වශයෙන් තේ කර්මාන්තයේ අනාගතය රඳා පවතින්නේ තෙල් මිල අඩුකිරීමෙන් ලබන ජයග්රහණය මත බව අපි අවධාරණය කරනවා.









