හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක දැවැන්ත තෙල් පිරිපහදු ව්යාපෘතියේ අවසන් එකඟතාවන්ට එළඹීම සඳහා චීනයේ සයිනොපෙක් සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන මස මුළදී දිවයිනට පැමිණීමට නියමිතය.
හම්බන්තොට තෙල් පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම 2026 වසරේ පළමු කාර්තුව තුළ අත්සන් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් පසුගියදා ප්රකාශ කළේය.
චීන විදේශ ඇමති වැන්ග් යී මෙරට සිදුකළ සංචාරයකදී මෙම කරුණු සාකච්ඡා වී ඇත.
සයිනොපෙක් නියෝජිත පිරිස පෙබරවාරි මස මුල් සතියේදී මෙරටට පැමිණීමට නියමිත අතර එහිදී ප්රමාද වී ඇති තාක්ෂණික හා වෙළඳ කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිතය.










