තෙල්වලට ගිනි පොලියක් !

තෙල්වලට ගිනි පොලියක් !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසර දහයක් තුළ ලබාගෙන තිබෙන ඉහළ පොලී අනුපාතික ණය සඳහා ගෙවා තිබෙන මුළු පොලී මුදල රුපියල් කෝටි 11,154ක් බව ගිණුම් වාර්තාවලින් හෙළි වේ.

රාජපක්ෂ පාලනයේ 2008 වසරේදී ණය පොලී සඳහා රුපියල් කෝටි 316ක පොලියක් ගෙවා ඇති අතර, 2013දී එය රුපියල් කෝටි 1,584ක් දක්වා ඉහළ ගොස් තිබී ඇත. 2017 වර්ෂය අවසන් වන විට ණය රුපියල් කෝටි 1,053ක් දක්වා තරමක් පහත වැටී තිබී ඇත.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව යටතේ ගෙවි ගිය වසර තුන තුළ ගෙවා තිබෙන පොලී මුදල රුපියල් කෝටි 3,698ක් වී ඇත.

මේ අතර වර්තමාන ආණ්ඩුව යටතේ 2016දී සංස්ථාව රුපියල් කෝටි 157ක් ලාභයක් ලබා 2017දී එය පහත වැටී මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ පමණක් රුපියල් කෝටි 590ක අලාභයක් දක්වා ඉහළ නැග තිබේ. ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව සතු කොළොන්නාව පිරිපහදුවේ ධාරිතාව මුළු දේශිය ඉන්ධන ඉල්ලුම ලබා දීමට නවීකරණය කළ යුතු බව වෘත්තීය සමිති පෙන්වාදී තිබේ. එහෙත්, එයට වැයවන මුදල ඇමරිකානු ඩොලර් කෝටි 220ක් පමණ යැයි ගණන් බලා ඇත.

නමුත් නවීකරයෙන් පසු ලබා ගන්නා ලාභයෙන් වසර හයක් තුළ එම වියදම් පියවා ගත හැකි බවට ගණනය කර ඇත.

මේ වනවිට අදේශීය මුළු ඉල්ලුමෙන් 30%ක පමණ ප්‍රමාණයක් මෙරට තුළදීම පිරිපහදු කර ගනිමින් සිටී. මුළු ඉල්ලුමම මෙරටදි පිරිපහදු කර ගන්නේ නම්, සංස්ථාවේ අලාභයන් සම්පූර්ණයෙන්ම නවත්වාගෙන හොඳ ලාභදායී මට්ටමට පත් කළ හැකි බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අවධාරණය කරයි.

ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්