තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්!

තුර්කි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම පිළිබඳව පැවැති විවාදයක් අතරතුරදී පාලක ඒ.කේ. පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හටගෙන තිබේ. 

ගැටුමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර මන්ත්‍රීවරුන් මේස මත නැග ජල බෝතල්වලින් ප්‍රහාර එල්ල කර ගෙන තිබේ. පාලක පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර තුර්කි පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් ඇති වූ අතර ඒ පිළිබඳව අධිකරණ ඇමතිවරයා කුර්දි හිතවාදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්