තුන්‍වැනි රැල්ල පාලනය කරන්න අපි පියවර ගත්තා – ප්‍රසන්න රණතුංග

තුන්‍වැනි රැල්ල පාලනය කරන්න අපි පියවර ගත්තා – ප්‍රසන්න රණතුංග

කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වනවිටත් ගෙන තිබෙන බව, මිනුවන්ගොඩ කොවිඩ් පාලන කමිටු රැස්වීමට සහභාගිවෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබේ.

මෙය ගෝලීය වසංගත තත්වයක් බවත්, ගෝලීය වශයෙන් පවතින තත්වය රටටද බලපාන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ, ඉදිරියේදී ඇතිවන ඕනෑම තත්වයකට මුහුණදීමට සෞඛ්‍ය අංශ ශක්තිමත් කර ඇති බවයි. ඒ සඳහා සෞඛ්‍ය අංශයට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිරි සති කිහිපය තුළ රටට අවශ්‍ය කොවිඩ් එන්නත් ‍තොග ලැබීමට නියමිත බවත් කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්