තීරණ ගැනීමේ සහ කළමණාකරනයේ අවුලක්

තීරණ ගැනීමේ සහ කළමණාකරනයේ අවුලක්

මේ වනවිට කොවිඩ් – 19 වසංගතය ව්‍යාපත්වීම මර්ධනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග තුළ තීරණ ගැනීමේ හා කළමණාකරනයේ අවුල්සහගත තත්වයක් පවතින බව ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පවසයි.

මීට අදාල තීරණ ගන්නේ කවුද ? මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය කෙතරම් ප්‍රමාණවත් පරිදි සිදු කෙරෙනවාද? ආදී වශයෙන් පැහැදිලිතාවයක් නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේය. නිදර්ශනයක් වශයෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සංචරන සීමා පැනවූවද බස් සහ දුම්රිය ඇතුළු පොදු මගී ප්‍රවාහන සේවයට එය සීමා වී පෞද්ගලික වාහන මගින් ගමන් ගන්නා අයට එම සීමා අදාල නොවන බව පෙන්වාදුන්නේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබාගතහැකි බවට තායිලන්තය තුළ පසුගිය මාර්තු, අප්‍රේල් කාලයේ සීග්‍ර වර්ධනයක් සිදුවීම මේ වනවිට පාලනය කර ඇති බව පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවට මෙවැනි ආදර්ශ ගණනාවක් ලබාගැනීමේ හැකියාව තිබෙන බව එමගින් දැනට උද්ගතවී ඇති බරපතල තත්වය පාලනය කළ හැකි බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරයා පෙන්වා දුන්නේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්