තිස්සකුට්ටිගෙන් විජේදාසට පාඩමක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ ඇමති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස ක්‍රියා කිරීම නිසා ඔහුව ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ (22) පොහොට්ටු පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අහෝසි වී යන බව ය. එය පදනම් කර ගනිමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැකි බව තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්