තැපැල් සේවක ගැටලු සඳහා රජය ලබාදෙන විසඳුම් කිසිසේත් පිළිගත නොහැකි බවත් තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධව ගනුලබන අත්තනෝමතික තීරණ වහා නැවැත්විය යුතු බවත් තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව පාලක මණ්ඩලයකින් පාලනයවන රාජ්ය ආයතනයක් බවට පත්කිරීමට රජය ගනු ලබමින් සිටින ක්රියාමාර්ග වහා නැවැත්විය යුතු බවය. එසේ නොකලහොත් ඉදිරියේදී වෘත්තීය ක්රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.









