තැපැල් සේවක ඉල්ලිම් වහා ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් සමස්ත ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් අද (20) මහනුවර තැපැල් සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
රාජ්ය පරිපාලන අමාත්යාංශයේ 6/2006 චක්රලේකය තැපැල් දෙපාර්තමේන්තුවේ ක්රියාත්මක කිරීමේදී සේවකයින්ට හා ආයතනයේ සේවා සැපයීමට මතුව ඇති ගැටලුකාරී තත්වයන්ට විසඳුම් ලබා දෙන ලෙසත් අත්තනෝමතික බඳවා ගැනීමේ පටිපාටිය සහ උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නවතා දැමීම ඇතුළු කරුණු සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් තැපැල් සේවකයෝ දින ගණනාවක සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිතරව සිටිති.













