තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් ආසන්නයේ සිදුවූ අනතුරක් නිසා උමඟ තුළ පීලි පැනීමට ලක් වීමෙන් පුද්ගලයින් 52ක් මිය ගොස් 150 කට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ටාරෝකෝ එක්ස්ප්රස් නමැති මෙම දුම්රිය තායිවානයේ තායිපේ අගනුරව සිට නැගෙනහිර ප්රදේශයේ ටයිටුන්ග් දක්වා මඟීන් 490 දෙනෙකු රැඟෙන ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ ගනිමින් තිබූ දුම්රිය උමං මාර්ගයට ආසන්න වෙද්දී ඉහළ කඳුකර මාර්ගයක ඉදිකිරීම් සිදු කරන ස්ථානයක නවතා තිබූ ට්රක් රථයක් රියදුරා නොමැතිව පහළට පෙරළීම නිසා බව මේ වනවිට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අධික වේගයෙන් ගමන් ගන්නා විදුලි දුම්රියේ ඉදිරිපස මැදිරිවල ට්රක් රථය ගැටීමත් සමග උමඟ තුළ මැදිරි සිරවී තිබේ. මේ නිසා දුම්රිය මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්රමයක් දැරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සිදුව තිබේ. 70 කට වැඩි පිරිසක් සහ තුවාලකරුවන් පැය ගණනක් විනාශ වූ දුම්රිය මැදිරි තුළ සිරවී සිටි අතර, දිවි ගලවා ගත් බොහෝ පිරිසක් ජනේල කඩා දුම්රිය වහලය දිගේ බඩගාගෙන ඉවතට පැමිණ තිබේ. ආරක්ෂක අංශ අනතුරට හේතු වූ ට්රක් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.
තායිවාන ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර ලෙස මේ වනවිට විදෙස් මාධය මෙය හඳුන්වා ඇත අතර 2018 දී ඊසාන දිග තායිවානයේ දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 175 දෙනෙකු මීට ෙතුවාල ලබා තිබේ. තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. “මෙම හද කම්පා කරවන සිදුවීමත් සමඟම ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම අපි දිගටම කරන්නෙමු.” යනුවෙන් පවසා තිබේ.
තායිවාන රජය අනතුරට පත්වූවන් සඳහා වන්දි ලබා දීමට නියමිත අතර මිය ගිය සෑම මගියෙකුටම ඇමෙරිකානු ඩොලර් 185,500 ක් ලබා දීමට නියමිත බව වාර්තා වේ. එසේම දරුණු ලෙස තුවාල ලැබූවන්ට ඩොලර් 91,000 ක් ද සමාන්ය තුවාලකරුවකුට ඩොලර් 14,000 ක් ද ලැබෙනු ඇතැයි පවසති. අනතුරට ලක්වූ ස්ථානය පිහිටා ඇත්තේ තායිවාන් දිවයිනේ කඳුකර නැගෙනහිර වෙරළ තීරයේ ජනප්රිය සංචාරක ගමනාන්තයක් වන සුන්දර තාරෝකෝ ජාතික වනෝද්යානයට නැගෙනහිර දෙසිනි.













