රගර් ක්රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ අරුණ විදාන ගමගේ හෙවත් `මීගස්ආරේ කජ්ජා’ නැමැත්තා මුදල් අමාත්යාංශයේ සේවය කර ඇතැයි, මේ වනවිට වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
ඒ, විමර්ශන කණ්ඩායම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පුළුල් විමර්ශනවලදීය.
අරුණ විදාන ගමගේ හෙවත් `මීගස්ආරේ කජ්ජා’ නැමැත්තා එම ඝාතන සිද්ධිය සිදු වූ දිනයේ රැඳී සිටි ප්රදේශ සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශන ක්රියාත්මක බව පොලිසිය පවසයි.
ඝාතන සිද්ධිය වාර්තා වූ ප්රදේශය ආශ්රීත දුරකථන කුළුණු වාර්තාද මේවන විට කැදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.










