තාජුඩීන් ඝාතනයේ දෙදෙනෙක් රටින් පැනලා

රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ රටෙහි ආන්දෝලනයක් ඇති වීමත් සමඟම මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු හොර රහසේ ඉතාලියට පැනගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් ඉතාලියේ සිටින බවට ලැබුණු තොරතුරක් මත තාජුදීන්ගේ පවුලට සමීප නීතිඥවරයකු ඉතාලියට ගොස් මේ සැකකරුවන් පදිංචි ස්ථාන හා රැකියා කරන ආයතන පිළිබඳ තොරතුරු සොයාගෙන ඒවා රහස් පොලිසිය වෙත ලබාදී ඇති බවත් මේ සැකකරුවන් දෙදෙනාට ඉතාලියට යෑමට හිටපු රජයේ දේශපාලනඥයකුගේ හිතවතකු උදවු උපකාර ලබාදී ඇති බවත් මේ වනවිට හෙළි වී ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්