තාජුඩීන්‍‍ගේ සුසානයට පොලිස් ආරක්ෂාව

ඝාතනයට ලක් කර ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය භූමදාන කර ඇතැයි පැවසෙන දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

තාජුඩීන්ගේ දත් සහ ඉලඇට කඩා දස වද දී මරා දමා ඇති බව අධිකරණයේදී කියවී ඇති බව පැවසෙන අතර තාජුදීන්ගේ දේහය ළඟදීම ගොඩ ගනිතියි දැනගන්නට තිබේ.

2012 මැයි 16 වැනි දා ඔහු මරා දමා තිබුණු අතර එකල පොලිසිය කීවේ මෙය රිය අනතුරක් බවයි. මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලමයෙකුගේ පුතකු ගැන ‍ගැන සැක මතු වී ඇත. බොහෝ දුරට ලඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්