පොතුහැර, දම්බොක්ක ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය පැවසුවේ, බස් රථයක් සහ ත්රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ ගමන්ගත් බෝයගනේ දමුණුගොඩ පදිංචි W. D. සරත් චන්ද්රකුමාර (59), R. A. තුසිත නාලක (29), W. A. සිරියලතා (48) සහ කෝන්පොළ දොරටියාව පදිංචි T.K. නාලිකා සරත්චන්ද්ර (21), E. A. සුමිත් චනුද්රරත්න (49) යන අයයි.
මංගල උත්සවයක් සඳහා සහභාගීවී ආපසු පැමිණෙමින් සිටි මොවුන් මෙම අනතුරට පත්වනවිට මත්පැන් පානය කර සිට ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.










