ත්‍රස්ත ප්‍රහාරයකින් කාශ්මීරය කැළඹෙයි

ඉන්දියාවට අයත් කාශ්මීරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබලුන් 17 දෙනෙකු මිය ගොස්  තවත් සෙබලු රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුදා කඳවුරට එල්ල වන අවස්ථාවේදී සෙබලුන් නින්දේ පසුවී ඇති බව පැවසෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දශක කිහිපයක් පුරා ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ වෙනම පාලනයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පවතින අතර දශක දෙකකට පසුව එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය මෙය බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව විසින් චෝදනා එල්ල කරන්නේ පකිස්තානයේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායම් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවටයි. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත්තේ පකිස්තානය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවටය.

මෙම ප්‍රහාරයත් සමග කාශ්මීරයේ ආරක්ෂාව තරකර ඇති අතර පකිස්තාන හා ඉන්දීය දේශසීමාවන්ගේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.Indian paramilitary soldiers patrol a deserted street during curfew in Srinagar, Indian controlled Kashmir, Tuesday, Sept. 13, 2016.Activists of Hindu hardline origination Shiv Sena shout anti-Pakistani slogans as they burn a Pakistani flag during a protest against an attack on Indian Army camp at Uri, in Jammu, India,An Indian army helicopter flies above the army base which was attacked by suspected rebels in the town of Uri, west of Srinagar, Indian controlled Kashmir,

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්