ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වැනිදා විවාදයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වැනිදා විවාදයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය එදින උදේ 11 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්