විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මහේෂ් බංඩාරගේ මස්සිනා අවි හා තියුණු ආයුධ තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම පුද්ගලයාව අත්අඩංගුවට පත්ව ඇත්තේ, විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු කොඩිතුවක්කුගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්රදේශයේ ඊයේ (09) සිදුකළ මෙහෙයුමක දී ය.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
ඔහු සන්තකයේ තිබී විදේශිය රටක නිශ්පාදිත රිපිටර් එකක්, විදේශීය නිශ්පාදිත මයික්රෝ වර්ගයේ පිස්තෝලයක්, පිස්තෝල සදහා යොදන පතුරම් ගැබ්ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 07ක්, බෝර 12 වර්ගයේ උණ්ඩ 09ක්, කඩුවක් සහ 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බියක් මෙන්ම එහි තිබූ රුපියල් 1,100ක් පොලිස් භාරයට ගෙන ඇත.










