කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් – 19 ආසාදිතයෙකු රැඳවියෙකු එම රෝහලෙන් පළාගොස් ඇතැයි බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කරයි.
යාපනය අයියකච්චි නිරෝධායන මධ්යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර ඇත.
එහි ප්රතිකාර ලබමින් සිටි එම ආසාදිත පුද්ගලයා වැසිකිළි ජනේලයෙන් පැනගොස් ඇති බව බන්ධනාගාර බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.
අදාළ ආසාදිත රැඳවියා සොයා මේ වනවිට කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.










