තවත් අපරාධකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

තවත් අපරාධකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

විදේශයන් හි සැඟව සිටිමින්, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර නොහොත් දෙහිබාලේ' සහ ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර නොහොත්කළු මල්ලී’ යන අය වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (21) නියෝග කර තිබේ.

ඊට අමතරව මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කර ඇත.

පසුගිය දා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් අයිස්, හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් සිය භාරයට ගෙන තිබුණු අතර එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම දෙහිබාලේ' හාකළු මල්ලී’ විසින් සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම පුද්ගලයන් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඒ අනුව අදාළ සැකකරුවන් නොවැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර අති මහේස්ත්‍රාත්, එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්