තරිඳු කෞෂාල් පකිස්තානු ඉනිම සුන් කරයි

අද (25) කොළඹ පී. සරා  ක්‍රීඩාංගනයේ ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ පකිස්තානුවන්ට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරිඳු කෞෂාල් පන්දුවාර 10.5කදී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් පකිස්තානුවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර මුළු ලකුණු සංඛ්‍යාව 5ක් වනවිට පළමු කඩුල්ල ලෙස අහමඩ් ශේෂාඩ් දවා ගැනීමට ධම්මික ප්‍රසාද් සමත් විය. එතැන් සිට තරඟයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතු කර ගැනීමට පන්දු යවන්නන් සමත් විය. පකිස්තානු ඉනිම වෙනුවෙන් මොහොමඩ් හෆීස් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්න ඉඩ ලබා නොදුන්හ.

පන්දු යැවීමේදී තරිඳු කෞෂාල්ට අමතරව ධම්මික ප්‍රසාද් පන්දුවාර 13කදී නිලකුණු පන්දුවාර දෙකක් සමගින් ලකුණු 43කට කඩුලු 3ක්ද දුෂ්මන්ත චමීර පන්දුවාර 10කදී ලකුණු 33කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටී. දැවී ගිය ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න වන අතර ඔහු ලකුණු 28ක්
ලබා ගැනීමට සමත් විය.

තරගයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්… 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්