තත්වය දරුණුයි උදව් කරන්න… කොවිඩ් ඇමතිනිය ධනපතියන්ගෙන් ඉල්ලයි – වීඩියෝ සහිතයි

තත්වය දරුණුයි උදව් කරන්න… කොවිඩ් ඇමතිනිය ධනපතියන්ගෙන් ඉල්ලයි – වීඩියෝ සහිතයි

රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය වැඩිකර ගැනීමට ආධාර කරන්නැයි මෙරට දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

“අපෙ රටේ අපෙ දානපතියන්ගෙන් ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. මොකද රෝහල් පද්ධතියට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්සිජන් සපයා ගන්න. ඒවගේම ICU ධාරිතාවය තව වැඩිකරද්දී වෙන්ටිලේටර්ස්වල අවශ්‍යතාවය තියෙනවා, උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. එනිසා අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා දානපතීන්ට මේ අවස්ථාවෙදි සෞඛ්‍ය අමාත්‍යාංශයට, විශේෂයෙන්ම තමන්ගෙ ප්‍රදේශවල ඒ රෝහල් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ ගන්න පුංචි හෝ ආධාරයක් කරලා ඒ සේවාව ශක්තිමත් කරගන්න අපට සහයෝගයක් දෙන්න කියලා” යැයි ඇමතිවරිය ඉල්ලා සිටී.

අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවේ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්