ඩොලර් අර්බුදය ගෑස් අර්බුදයකට මග පාදයි… ලිට්‍රෝ ගෑස් මෙහෙයුම් කටයුතු නතරකරයි…

ඩොලර් අර්බුදය ගෑස් අර්බුදයකට මග පාදයි… ලිට්‍රෝ ගෑස් මෙහෙයුම් කටයුතු නතරකරයි…

රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එමෙන්ම මේ වනවිට එහි ගෑස් බෙදා හැරීමේ කටයුතුද නවතා දමා තිබේ.

ගෑස් අඩංගු නෞකා තුනක් වරායට පැමිණ ඇතත් අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් ඒවා නිදහස් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එම සමාගම පවසයි.

බොහෝ දුරට හෙට (09) උදෑසන වනවිට ඉන් එක් නෞකාවක් හෝ නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කර බවද ඔවුන් සඳහන් කරයි.

මේ අතර, මාර්තු 03 වන දා ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය ප්‍රකාශ කළේ, මෙම සතිය තුළ මෙරට ගෑස් අර්බුදය උද්ගත වනු ඇතැයි තමන් සිතන බවය.

“මම හිතන්නේ ලබන සතිය වෙනකොට ලංකාවේ ඩීසල්, පෙට්‍රල්වලට වඩා ගෑස් අර්බුදයක් එන්න පුළුවන්. අපේ නැව් එළියේ තියෙනවා. ඇතුළට ගන්න විධියක් නැහැ අපිට එල්සී ඕපන් කරන්න බැහැ. ඉතින් අපි බැංකුත් එක්ක හැමදාම උදේ හවස කතා කරනවා. බැංකු එල්සී දෙන්නේ නැහැ. මොකද ඩොලර් නැති නිසා.”

රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බොහෝ ආහාර වෙළෙඳ සල් සහ ආපන ශාලාද වසා දමා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්