ඩොනල්ඩ් ට්‍රම්ප්ට් අවදානම්!

ලොව අවධානම්ම කරුණු 10 අතරට ඉදිරි ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ්ට් ට්‍රම්ප් යම් හෙයකින් ජනාධිපති වීමද ඇතුළත් වී තිබේ. මේ පිළිබඳව සිදු කරනු ලැබූ රහසිග වාර්තාවකින් මේ තොරතුරු හෙළිකර ඇති අතර ලොව අවධානම් කරුණු 10ට අයත් වන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමට දරන උත්සාහය, දකුණු චීන මුහුදේ හටගෙන ඇති අර්බුදය, මැදපෙරදිග අර්බුදයට ඉහලින් ට්‍රම්ප්ට් සාධයක පත්ව තිබේ.

මේ වනවිට ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත ඡන්ද විමසීම් පැවැත්වෙමින් ඇති අතර එහිදී රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක ට්‍රම්ප්ට් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වීමට ඩිමොක්‍රොටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හා බර්නි සැන්ඩර්ස් අතර මේ වනවිට දැඩි තරගයක් පවතී.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති බවට පත් වුවහොත් ලෝක ආර්ථිකය අවුල් වී ඇමෙරිකාවේ දේශපාලනික හා ආරක්ෂාව අවදානමකට ලක්වනු ඇතැයි පැවසේ. ඊට හේතුව ජනාධිපතිවරණ වේදීකාවේදී ඔහු දක්වන ජාතිවාදී ආකල්පය හා යුදවාදී ප්‍රකාශයන්ය. ඇමෙරිකාව තුළ සිටින බිලියනපතියකු හා රූපවාහිනි තරුවක් වන ට්‍රම්ප්ට මේ වනවිට මුස්ලිම් විරෝධී ජාතිකවාදීන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී සිටී.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්