බද්දේගම සෞඛ්ය වෛද්ය නිලධාරී බලප්රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් කොවිඩ් – 19 ඩෙල්ටා වයිරස් ප්රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බව සෞඛ්ය අංශ නිලධාරීහු අනාවරණය කරති.
ඔවුන් වයස අවුරුදු 40ක් පමණ වන කාන්තාවක් සහ පිරිම පුද්ගලයෙකි.
ඩෙල්ටා ප්රභේදයේ කොරෝනා ආසාධිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇගළුම් කම්හලක සේවකයකුගේ බවත් ඔහුට හා ඔවුන්ගේ වයස අවුරුදු හයක පිරිමි දරුවාට හා වයස අවුරුදු නවයක් වන ගැහැණු දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බැව පැවසේ.
මේ අය අතුරින් අදාල කාන්තාවගේ රෝගී තත්වයේ වෙනසක් තිබීම නිසා එම කාන්තාව ඩෙල්ටා ප්රභේදය හදුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ සදහා යොමුකර තිබේ. ඒ අනුව ලබාගත් වාර්තාමගින් ඇයට ඩෙල්ටා ආසාදිත බවට තහවුරු කරගෙන ඇත.
ඩෙල්ටා ප්රභේදය ආසාධිත පිරිමි පුද්ගලයාගේ බිරිද උක්ත ඇගළුම් කම්හලෙහිම සේවය කරන බවත් එම පුද්ගලයාගේ බිරිද දරුවා හා ඔවුන් සමග වාසය කරන පියාට හා මවටද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවත් සෞඛ්ය අංශ කියයි.










