තැනින් තැන හමුවන ඉන්දියානු “ඩෙල්ටා” වෛරස් ප්රභේදයට මුහුණ දිමට අණ්ඩුවට නිසි සැලැස්මක් නැතැයි මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
“කොරෝනා වෛරසය දැන් වෙනස්වීම් රැසකට භාජනය වෙලා.පසුගිය අවුරුද්දේ තිබ්බ කොරෝනා වෛරසය නෙවෙයි දැන් තියෙන්නේ. ඒත් ශ්රී ලංකා ආණ්ඩුව තවමත් අනුගමනය කරන්නේ 2020 යොදාගත් ක්රියාමාර්ග ටිකම තමයි.” උපුල් රෝහණ පවසයි.
“ආණ්ඩුව “ඩෙල්ටා” ප්රභේදය ගැන මීට වඩා බැරෑරුම්ව සලකා අලුත් තත්වයන්ට ගැලපෙන ක්රියාමාර්ග වලට නොගියොත් පසුගිය දිනවල ඉන්දියාවේ තිබු අවාසනාවන්ත තත්වය දක්වා අපේ රටත් ගමන් කරාවි.” යනුවෙන් මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා බිය පලකරයි.










