ඩුබායි රාජ්යයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ, සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 21 දෙනෙකු අද (22) දිවයිනට රැගෙනවිත් තිබේ.
පවතින අධික වැසි තත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, මෙම පිරිස රැගෙනවිත් තිබෙන්නේ එම ගුවන් යානා කිහිපයේය.
මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” නැමැත්තන්ද සිටින බවට තොරතුරු වාර්තා වේ.
“මහවත්තේ චාමර” මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.










