ඩීසල් ලීටරයක් රු. 600ක්වත් කළ යුතුයි… පෙට්‍රල් රු. 20කින් වැඩිකළ යුතුයි… දනනාත් ප්‍රනාන්දු…

ඩීසල් ලීටරයක් රු. 600ක්වත් කළ යුතුයි… පෙට්‍රල් රු. 20කින් වැඩිකළ යුතුයි… දනනාත් ප්‍රනාන්දු…

මේ වනවිට ලෝක වෙළෙඳපොළ මිල සමඟ සංසන්දනය කිරීමේදී ඩීසල් ලීටරයක් රුපියල් 600කට වැඩි මට්ටමකට පැමිණිය යුතු බවත්, පෙට්‍රල් මිලත් අඩුම තරමින් රුපියල් 20කින් හෝ වැඩි විය යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඉලක්කගත පිරිසකට පමණක් යම් සහනාධාරයක් ලබා දෙන අතරතුර, පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

පවතින වාතාවරණය තුළ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු නොකළ හොත්, එය රුපියල අවප්‍රමාණය වීමට සහ උද්ධමනය ඉහළ යෑමට සෘජුවම බලපාන බවද ඔහු පවසයි.

රජ්‍ය විසින් මේ වනවිට ලබාදෙන ඉන්ධන සහනාධාරය පොදුවේ සියලු දෙනාටම ලැබෙන බවත්, එසේ සිදු නොකර ඉන්ධන සහනාධාරය අවශ්‍යම පිරිස් වෙතපමණක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස බස් රථ සඳහා යම් සහනාධාරයක් ලබාදීම මඟින් බස් ගාස්තු ඉහළ යෑම පාලනය කර ගතහැකි බව ඔහු වැඩිදුරටත්ස ඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්