ඩීල් කල්ලි සියල්ල පරාදවීම දරා ගන්න බැරිව ලොක්කා රටින් පැන ගිහින්

ඩීල් කල්ලි සියල්ල පරාදවීම දරා ගන්න බැරිව ලොක්කා රටින් පැන ගිහින්

පළාත් පාලන මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි වූ කුඩා කල්ලි සියල්ල එකතු කර එක පෙරමුණකින් බලය ඇල්ලීමට ගෙන ගිය උපක්‍රමය ද මුළුමනින් ම පරාජයට පත් වීමත් සමඟ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රටින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ම, කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක බලය පිහිටුවීමේ දිනයට ආසන්න දිනයක දී ඔහු රටින් පිට වී යාම පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ හට ගත් බරපතළ ගැටීමක් නිසා කිසිවෙකුත් නොකියා ඔහු විදේශ ගත වී ඇති බව ය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ව තවත් කල්ලි ගණනාවක් එකතුව හවුල් පෙරමුණක් පිහිටුවා ගනු ලැබීය. ඒ ආසන්න කාලයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ සභික ධුර 48ක් හිමි වූ ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවිය නොහැකි බවයි. මාධ්‍යවේදියෙකු පෙරලා ප්‍රශ්න කළේ සමගි ජන බලවේගයට හිමි වූයේ කීයක් ද යන්නයි. අසරණ මට්ටමට ඇද වැටුණු ඔහු 29 බව ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තව දුරටත් මේ ලෙස අසරණ විය නොහැකි බව එම දිනවල ම ඔහු දේශපාලන සමීපතමයින් සමඟ ප්‍රකාශ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්