ඩලස්, නිමල්, සනත් සහ උදය එළිපිට ආණ්ඩු විවේචනයේ…

ඩලස්, නිමල්, සනත් සහ උදය එළිපිට ආණ්ඩු විවේචනයේ…

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මත 25%ක අධිභාරයක් පැනවීමට තමන්ද විරුද්ධ බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කිරීමත් සමග ආණ්ඩුව තුළ සිටිමින් විවේචනය කරන ඇමතිවරුන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

මෙයට පෙර උදය ගම්මන්පිල, විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදය කොරෝනා වසංගතය නිසා සිදුවූවක් නොවන බව ප‍්‍රකාශ කර තිබිණි. ඉන්පසුව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව හෘදය සාක්ෂියත් සහිත පුද්ගලයෙකු හැටියට එකඟ නොවිය හැකි බව ප‍්‍රකාශ කර තිබිණි.

මේ අතර ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මෙයට දින කිහිපයකට පෙර ප‍්‍රසිද්ධ ජන හමුවකදි කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනය කර තිබිණි. ඔහු ප‍්‍රකාශ කර තිබුණේ ”අපි මුලින් පැණි බිව්වා. පැණි පෝලිම් පස්සේ ගියා. මුට්ටි පා කරා. මිථ්‍යාව පස්සේ ගියා. ඒකෙන් අපට වැරදුණා.” යනුවෙන්ය.

ඊට අමතරව ඊයේ (10) සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ ලාභ මත 25%ක අධිභාරයක් පැනවීමට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී තම අදහස් පළ කරන බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ප‍්‍රකාශ කළේය. ඔහු මෙම ප‍්‍රකාශය කළේ අන්තර් සමාගම් සේවක සංගමය විසින් කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව කරුණු විමසීමෙන් පසුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්