ඩයනා නීති විරෝධී පුරවැසියෙක් – මන්ත්‍රීකම අනතුරේ

ඩයනා නීති විරෝධී පුරවැසියෙක් – මන්ත්‍රීකම අනතුරේ

සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ නීති විරෝධීව මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බව තහවුරු වන තොරතුරු හෙළිවී ඇති අතර මේ නිසා ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වීමේ අනතුරක් නිර්මාණය වී ඇති බවට තොරතුරු හෙළිවේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවකින් මේ බවට තොරතුරු දන්වා ඇත. ඔෂල ලක්මාල් හේරත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2020 නොවැම්බර් 02 වැනි දින කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඩයනා ගමගේ විසින් කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇති අතර ඇයට එරෙහිව අපරාධ නඩු විධිවිධාන යටතේ නඩු පවරා දඬුවම් නියම කළ හැකි බවද හෙළිවී ඇත. මෙම කරුණු නිසා ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ හැකියාවද පවතින බවට මත පළව තිබේ. අනිද්දා පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්